Sunday, March 2, 2014

සිත ගත නිවාලන වාද්දුවේ “ SAFFRON BEACH HOTEL”

සිත ගත නිවාලන වාද්දුවේ “ SAFFRON BEACH HOTEL”


වාද්දුව යන නම ඇසු පමණින් අපගේ මතයට නැගෙන්නේ අලංකාර රමණිය මුහුදු වෙරළයි. ස්වභාවික පරිසරයෙන් අනුනවු රමණිය වෙරළ තීරයෙන් සීමා වු දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් ඇද බැදගැනිමට සමත් සුන්දර සංචාරක හෝටලයක් වාද්දුව මුහුදු වෙර‍ළේ පිහිටා ඇත. එය වාද්දුවේ SAFFRON BEACH HOTEL ය.


මෙම හෝටල් භුමිය තුළ පවතින්නේ දැඩි සිසිලසකි. මෙයට හේතුව වී ඇත්තේ මුහුදු දෙසින් හමාගෙන එන මද සිසිල් සුළගයි. අහස උසට වැඩුණු පොල් ගස්වලින් අලංකාර වු හෝටල් භුමියට කදිම රටාවක් ගෙන දෙන්නේ පොල් ගස් එකට එක යා කරමින් පොල් රා කැපිම සදහා සකස් කර තිබිමය. මෙය දෙස් විදෙස් සංචාරකයින්ට ගෙනදෙන්නේ අස්වාදයක් බව නොඅනුමානව පැවසිය යුතුය.

දෙස් විදෙස් සංචාරකයින් හෝටලයකට පැම්ණෙන්නේ දවසක් හෝ දවස් කීපයක් විනෝදයෙන් ගත කිරීමටය. එහි උපරිම ළුලය ලබා ගැනිමට හැකි වෙන ආකාරයෙන් මෙම හෝටලය නීර්මාණය වී තිබිම පැසසුමට ලක් කළ යුතුව ඇත. විඩාවෙන් බර වු ගතට සිතට හෝටල් භුමියට පැමිණිමෙන් පසුව දැනෙන්නේ මහත්වු සැහැල්ලුවකි.

SAFFRON BEACH HOTEL ය ඉදිවෙන්නට පෙර දෙස් විදෙස් ආහාරවල මිහිරි රසය ලබා දීමේ අරමුණුව ඇතිව ගාලු පාරේ වාද්දුවේSAFFRON HAT නැමති අවන්හල පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව වෙරළ විවාහ උත්සව මුල් කර ගනිමින්SAFFRON BEACH HOTEL ය නිර්මාණය වු බව හෝටල් කළමණාකාරිත්වය වෙනුවෙන් එහි කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන තරංග ප්‍රසාද් ගුණතිලක පවසනු ලබන්නේ ඉමහත් සතුටින්ය.


මෙම හෝටලය සතු අඩි 360 ක රමණිය වෙරල තීරයක් පැවතිම හේතුවෙන් වෙරළ විවාහ උත්සව සදහා ප්‍රසිද්ධියක් උසලනු ලබයි. එමෙන්ම හෝටලයේ බැන්කට් හෝල් එක හා ‍වෙරළ තීරය අතර පවතිනු ලබන්නේ කෙටි දුරක්වීම මෙහි ඇති වි‍ශේෂතාවයකි. හෝටල් භුමිය පුරාම ඕස්ටේලියානු තණ කොළවලින් අලංකාර වී ඇති අතර මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගතට මෙන්ම සිතටද සැහැල්ලුවක් ගෙන දෙන ආකාරයට මෙහි හෝටල් කාමර මැටි ගෙවල් ආකාරයෙන් නිර්මාණය කර  ඇත. සුන්දර ගම්මානය සිරි ගන්නා ආකාරයෙන් සියඑම පහසුකම් සහිතව මෙම මැටි ගෙවල් නිර්මාණය කිරීමට හෝටල් කළමනාකාරිත්වය කටයුතු කර ති‍බේ.

වාද්දුව යන නම ඇසු පමණින්ම මතකයට නැගෙන තවත් කාරණයක් වන්නේ වාද්දුවේ පොල් රා ය. නැවුම් පොල් රාවල රස බැලිමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාවක්SAFFRON BEACH HOTEL යට පැමිණිමෙන් ලබා ගත හැක. 
දෙස් විදෙස් සංචාරකයින්ගේ දිව පිනා යන දේශිය, ඉන්දියානු, චයිනිස් , මැලේසියානු සහ යුරෝපිය ආහාර වර්ග ලබා දීමටද මෙම හෝටලය කටයුතු කරන අතර නැවුම් මාලුවල රස බැලිමට අවස්ථාවක් මෙහි පැමිණෙන සියළුම දෙනාට ලැබිම විශේෂතාවයකි.


මෙම හෝටලයේ ඇති තවත් විශේෂතාවයක් වන්නේ තමන් කැමති මාලු වර්ගයක් තෝරාගෙන පිසිමට ලබා දී ආහාරයට ගැනිමට අවස්ථාව සලසා දී තිබිමයි. දෙස් විදෙස් ඕනෑම ආහාරවේලක රස බැලීමටත් ඔබගේ විවේකි දවස උපරිම විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය වැඩිහිටි සහ ළමා පිහිණුම් තටාක ඇතුළු සියළුම පහසුකම්වලින් හෝටලය සමන්විත වේ. මෙහි පිහිණුම් තටාකය සම්බන්ධව යමක් පැවසුවොත් මුහුදු මට්ටම හා  සමානව නිර්මාණය කර ඇති අතර වැඩිහිටියන්ට සහ කුඩා ළමුන්ට විවිධ ජල ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දී ඇත. 


එමෙන්ම මුහුදු වෙරළේ පිහිටා ඇති ‍වොලිබෝල් ක්‍රීඩා පිටියද සංචාරකයින්ට ගෙනදෙනු ලබන්නේ ආස්වාදයකි.   ජිවිතේ අනගිම අවස්ථාව වන විවාහ උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරන්නට හැකි ඉතා මනරම් අලංකාර වෙරළ තිරයක් පවතින අතර සැදෑකාලයේදී හිරු බැසයාමත් සමග එහි සුන්දරත්වය තව තවත් වැඩිවේ. ඔබත් මෙම සුන්දරත්වය අස්වාදය විදගන්න  පැමිණෙන්න වාද්දුව ශ්‍රී වික්‍රම පාරේ පිහිටි  වාද්දුවේ  SAFFRON BEACH HOTEL යට. එහි පැමිණිම ඔබේ ජිවිතයට එක්වන අනගි සිහිවටනයක් වන බව නොඅනුමානය.

වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0382295996 දුරකථන අංකයට පිවිසෙන්න WWW.Saffronbeachhotel.lk වෙබ් අඩවියට. 





No comments:

Post a Comment