Sunday, March 2, 2014

THE WHITE HAVEN HOTEL

THE WHITE HAVEN HOTEL

මහ සත් සමුදුරු රළ පෙලෙන් හමන සිසිල් මඳ සුළඟෙන ගත සිත පිනා යන නව හැඟුමන් සිත් සතන් තුළ පිබිදෙන රමණිය භුමියක පිහිටා ඇති THE WHITE HAVEN HOTEL ට පැමිනණන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇඳ බැඳ ගන්නා ලෙස ඉදිකර ඇත.
කොළඹ ගාලු පාරේ පානදුර නගරයට ආසන්න තලපිටියේ පිහිටා ඇති මෙම මනස්කාන්ත ස්භාවික පරිසරයෙන් අනුනවු භුමියක් පුරා  පැතිරි ඇති THE WHITE HAVEN HOTEL ය මෙහි පැමිණෙන වැඩිහිටි  කුඩා  සියල්ලන්ගේම සිත් සතන් සනාලන ලැඟුම් හලක් බවට පත්ව ඇත.

           
මෙම හෝටලය 2001 වසරේ දී ආරම්භ කර ඇති අතර එම වසරේ සිට මේ දක්වා දෙස් විදෙස් සංචාරකයින්ගේ විවේකි කාලය  අර්ථාන්විතව විනෝදයෙන් ගත කිරි සඳහා මෙම හෝටලය ලබා දී ඇති නවීන පහසුකම් මෙතෙක් යැයි කිව නොහැක. ඒ බව හෝටලය වෙත පැමිණෙන සංචාරකයින් දිනෙන් දින වැඩිවීම තුලින් මනාව පැහැදිලිවේ.

           
THE WHITE HAVEN HOTEL තුළදී තමන්ගේ විවේකි කාලය ගත කිරීම පමණක් නොව විවාහ උත්සවයන්, උපන්දින සාදයන් , ප්‍රීය සම්භාෂණයන් ඇතුළු ඕනෑම උත්සවයක් තම අතේ ඇති මුදලට සාධාරණ ලෙස සිදු කර ගැනීමට හැකියාව පවති. මෙම THE WHITE HAVEN HOTEL ය සතු විවාහ උත්සව ශාල දෙකක් පවතින අතර පැමිණෙන පිරිස අනුව එම විවාහ උත්සව ශාලා වෙන් කරවා ගැනීමේ හැකියාව ඔබ සතුව පවති.  පැමිණෙන අමුත්තන්ගේ රස දිවා පිනා යන ආහාර වට්ටෝරු කිපයක් මෙම හෝටලය සතුවේ. තමන්ගේ අතේ ඇති මුදලට ගැලපෙන ලෙස මෙම ආහාර වට්ටෝරු සකස් කර ඇති අතර එය තෝරා ගැනීමේ සම්පුර්ණ අයිතිය ඔබ වෙත ලබා දී තිබිම  මෙහි ඇති තවත් විශේෂතාවයකි. ඒ අනුව, ප්‍රධාන වශයෙන්  විවිධ මිල ගණන් යටතේ ආහාර වට්ටෝරු කීපයක් මෙම හෝටලය සතුව පවති. එනම් Menu 01- Rs 1200,  Menu 02- Rs 1500,  Menu 03- Rs 1700,  Menu 04- Rs 2000,  ලෙසය. තමන්ගේ අභිමතය පරිදි මෙම අහාර වට්ටෝරු වෙන් කරවා ගැනීමේ හැකියාව පවති.

            දෙස් විදෙස් සංචාරකියින්ට තමන්ගේ අභිමතය පරිදි චයිනිස්, යුරෝපීය මෙන්ම ශ්‍රී ලාංකීක ආහාර වේල්වල රස බැලීමේ හැකියාවක් මෙම හෝටලය සතුව පවති.  එමෙන්ම මුහුදු ආහාර  වේලක රස බැලිමටත් සැදෑ කාලයේ බාබකියු කරන ලද ආහාර වල රස බැලීමටත්  දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව මෙම හෝටලය උදා කර දි ඇත.




            THE WHITE HAVEN HOTEL ය සතුව අනර්ග ප්‍රමිතියෙන් යුතුව උසස් මට්ටමෙන් සකසා  ඇති නිදන කාමර පවතින අතර මෙම කාමර සතුව පැමිණෙන්නට අවශ්‍ය සියළුම පහසුකම් ඉටු කර ගැනීමට හැකිවෙන පරිදි සකස් කර ඇත. ප්‍රධාන වශයෙන් මිල මට්ටම් තුනකින් මෙම හෝටලය සතු කාමර පවති. එනම්, Singal Room – Rs 7500, Dubal Room- Rs 8500, Trebal Room- Rs 9500 ලෙසය. මෙම කාමර සියල්ලම නවීන පහසුකම් සියල්ලෙන්ම සමන්විත වන අත සියළුම කාමර වායු සමීකරණය කර ඇත.
           
මෙහි පැමිණෙ දෙස් විදෙස් සංචාරකයන්ට තමන්ගේ විවේකි කාලය උපරිම විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය වන ආකාරයට මනස්කාන්ක පිහිනුම් තටාකයක් පවතින අතර කුඩා ළමුන්ට විනෝදවීම සඳහා පිහිනුම් තටාකයක් ද මෙම හෝටලය සතුව පවති.  එමෙන්ම වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන්ටද ක්‍රීඩා කිරීමට හැකිවෙන ලෙස සකස් කර ඇති අතර ක්‍රීඩා පිටියක් මෙන්ම බැඩ්මිටන් ක්‍රීඩා පිටියක්ද මෙම හෝටලය සතුව පවති.  

            THE WHITE HAVEN HOTEL හි සිට වෙරළ තීරයට ඇත්තේ මීටර් 75 ක් පමණ වන නිසා දෙස් විදෙස් සංචාරකයින්ට වෙරළ තීරයේ දී ද උපරීම අයුරින් සතුටුවීමට හැකි වට පිටාවක් මෙම හෝටලය විසින් සකස් කර දී ඇත.  
            තමන්ගේ විවේක දිනය , විවාහ උත්සවය , උපන්දින සාදය හෝ ප්‍රීය සම්භාෂණය ඉතා අලංකාර ලෙස රමණිය පරීසරයක් තුල පැවැත්වීමට අවශ්‍ය නම් අදම ඔබ එන්න පානදුර තලපිටියේ පිහිටි THE WHITE HAVEN HOTEL ය වෙත.
වැඩි විස්තර ස‍ඳහා අමතන්න
අධ්‍යක්ෂ සුනිල් සිල්වා              - 0714278021 / 0382240519/20/21
කළමණාකරු සමිත් ගමගේ      - 0779155038
Web- www.thewhitehavenhotel.com




            










No comments:

Post a Comment